Saturday, August 13, 2011

කොටස් වෙළදපොල යනු

 
මුලින්ම කොටසක් යනු කුමක්දැයි විමසා බලමු. ඇත්තෙන්ම කොටසක් යනු සමාගමක අයිතිවාසිකම හැදින්වෙන කුඩාම ඒකකය කොටසයි. එනම් කොටසකට හිමිකම් කීම යනු අදාල සමාලමට හිමිකම් දැරීමට සමාන වේ. එමෙන්ම ණයකර පිලිබදවද විමසා බලමු. ණයකර යනු නිකුත් කරන්නාගේ සාමාන්‍ය ණයෙන් පමණක් ආවරණය වන පෞද්ගලික අංශයේ සමාගම්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන නිකුත් කරනු ලබන අනාරක්ෂිත, මධ්‍ය සහ දිගුකාලීන, පොලී සහිත බැඳුම්කර වේ. විශාල, මනා ලෙස පිහිටුවන ලද ආයතන විසින් සාමාන්‍යයෙන් ණයකර නිකුත් කරනු ලැබේ. (මහ බැංකුවේ පැහැදිලි කිරීම)
කොටස් වෙළදපොල යනු ඒ තුල ලියාපදිංචි සමාගම් වල කොටස් හෝ ණයකර මිලදී ගැනීම සහ විකිණිම සිදු කරන ස්ථානයයි. පොදු සමාගම් කොටස් වෙළදපොල යාන්ත්‍රණය උපයෝගී කර ගනිමින්  මුලික කොටස් නිකුතුන්(Initial Public Offerings-IPO) මගින් කොටස් ප්‍රාග්ධනයද ණයකර මගින් ණය ප්‍රාග්ධනයද රැස්කොට ගනී. ඒ අනුව සමහරෙක් සමාගම් මූලික ප්‍රසිද්ධ  නිකුතුවක් කිරීම මගින් වෙළදපොලට නව කොටස් හෝ ණයකර මුදාහරිනු ලබන අතර, අනෙක් සමාගමක් දෙනටමත් ඇති ඇති කොටස් ප්‍රාධනයෙන් යම් ප්‍රමාණයක් විකුණුම් අර්පණයක් ඔස්සේ වෙළදපොලට මුදාහරිණු ලැබීමෙන් අවශ්‍ය කෙරෙන ප්‍රාග්ධනය සපුරාගනු ලබයි. කෙසේ වෙතත් මෙම අවස්ථා දෙක තුලදීම ආයෝජකයන් සෘජුවම අදාල සමාගමින් කොටස් හෝ ණයකර මුදල් ගෙවා මිලදී ගනු ලබයි . සමාගම් කොටස් වෙළදපොලට පිවිසෙන අනෙක් අවස්ථාව වනුයේ ඉහත අන්දමේ මහජන නිකුතුවක් සිදු නොකොට "හැදින්වීම"ක් ඔස්සේ කොටස් වෙළදපොලෙහි ලේඛණගත වීමයි. මේ කවර ආකාරයකින් හෝ කොටස් නැතිනම් ණයකර මිලදී ගැනීමෙන් ආයෝජකයින් එම අදාල සමාගමෙහි හෝ සමාගම්වල කොටස්/ණයකර හිමියන් බවට පත්වේ.
මේ අන්දමින් ආයෝජකයි විසින් මිලදී ගනු ලැබූ සමාගම් කොටස් හෝ ණයකර ද්වියික වෙළදපොල තුලදී ගනුදෙනු වනු ලැබේ. කොළඹ කොටස් වෙළදපොල දැනට ශ්‍රී ලංකාවේ ද්විත්යික වෙළදපොල වශයෙන් ක්‍රියාත්මක වන අතර. එහිදී සමාගම් කොටස්/ණයකර සදහා මිල තීරණය වනුයේ ඒවා සදහා ඇති ඉල්ලුම  හා සැපයුම මතයි.

CSE-Sinhalen බ්ලොග් අඩව්යට සාදරයෙන් පිලිගනිමි.

ආයුබෝවන්

ලාංකීය ජනතාවට කොළඹ කොටස් වෙළද පොළ පිලිබද දැනුවත් කිරීම මුලික අරමුණ කර ගනිමින් මෙම  බ්ලොග් අඩවිය ආරම්භ කරන ලදී. අනෙක් රටවලට සාපේක්ෂව ජාතික ආදායම හා සැසදීමේදි ඉතාමත් පහල
ආයෝජකයන් සංඛ්‍යාවක් කොළඹ කොටස් වෙළදපල සමග සම්බන්ධ වී සිටීමත් ලාංකීය ජනයාගෙන් බොහෝ පිරිසක් කොටස් වෙළදපොළ පිළිබද අවබෝධයක් නොමැති වීමත් මෙසේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට මූලික හේතුව ලෙස සදහන් කල හැකිය.
මා පමණක් නොව අප සැම දෙනාම අපගේ මුදල් ආයෝජනය කීරීමට ඉතා කැමැත්තෙන් පසු යෙමු .නමුත් සාමාන්‍ය බැංකුවක මුදල් ආයෙදවීමට වඩා ඒවා යම්කිසි වි්‍යාපාරයකට යොමු කිරීමෙන් ලාබ ලබාගැනීම කාගේත් අරමුනයි.විශේෂයෙන්ම දැන් බැංකුවල පවතින අඩු පොලි අනුපාත නිසා බැංකුවේ මුදල් යොදවනවාට වඩා ඒවා යම් කටයුත්තකට යොදා ගැනීම මගින් මුදල් උපයා ගැනීමට හුග දෙනෙක් කැමැත්තෙන් පසුවන නමුත් බහුතරයක් වන සාමාන්‍ය ජනතාවට තමන්  යෙදෙන රැකියාවේ නියෙලෙමින් තව ව්‍යාපාරයක් යෙදීමේ ප්‍රයෝගික අපහසුතාවයකින් පසුවෙනවා.මේ නිසා හුග දෙනෙක් තම මුදල් කොටස් වෙළදපල තුල ආයෝජනය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා.නමුත් ඒ සදහා ඇති මුලික ගැටලුව ඒ සදහා ඇති දැනුම ඉතා අල්ප වීමයි. අද සිට ඒ සදහා යම් මට්ටමකින් හෝ ආධාරයක් මෙම අඩවියෙන් ලැබේ යැයි මාගේ විශ්වාසයි. 

එමෙන්ම මෙම බ්ලොග් අඩවිය හැකිතාක් දුරට සිංහලෙන් පවත්වාගෙන යෑමට මා හැකි සෑම උත්සාහයක්ම දරන නමුත් මෙහි ඇතැම් අවස්ථා වල English මාධ්‍යෙයන්ද තොරතුරැ ඇතුලත් කිරීමට බලාපොරොත්තු වෙමි. තවද පාඨකයකු ලෙස ඔබ මෙම අඩවියේ සිදුවිය යුතු වෙනස්කම් පිලිබදව මා දැනුවත් කල හැකිනම් එය ඉතා අගය කොට සලකමි.